ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය පරිදි විපක්ෂ නායකවරයකු පත්කිරීමට ඉඩදිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විවිධ පිරිස් තම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ නම් විපක්ෂ නායක ධුරයට යෝජනා කරමින් සිටියත් පත් කරන පුද්ගලයා තීරණය කල යුත්තේ පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරුන් බවයි.
සැබැවින්ම ආණ්ඩුවට හිස නොනමන නායකයකු විපක්ෂ නායක ධුරයට පත්කළ යුතු බවත් ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයෙකු පත්කර එම පුද්ගලයා ආණ්ඩුවේ රූකඩයක් වුවහොත් එය ජනතාවට ද්‍රෝහී වීමක් බවත් වාසුදේව නානායක්කාර මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
විපක්ෂ නායක ධුරය පිළිබඳව සන්ධානයේ මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය අතර කඹ ඇදිල්ලක් තිබෙන අතර මහින්ද පාර්ශවය ඒ සඳහා යෝජනා කරන්නේ හිටපු ප්‍රවාහන ඇමති, කළුතර දිස්ත්‍රික් එ.ජ.නි.ස. මන්ත්‍රී කුමාර වෙල්ගම බව වාර්තා වේ.
ප්‍රසන්න ජයවීර