වැට් බද්ද ඊළඟ වසරේ අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් අැමති රවී කරුණානායක අද(09) බ්ලුමැන්ඩල් පෙදෙසේ අඩු ආදායම්ලාභී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් පැවසීය. ඒ සඳහා අවුරුද්දක් බලා සිටිය යුතු බව ඔහු පැවසුවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.
කොහොමත් ජනතාව මත බදු බර පටවන බවත්, ඒ සඳහා වැට් බද්ද හෝ ජාතිය ගොඩනැඟීමේ බද්ද යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදුව ඇති බවත්, ඒ දෙකෙන් ජනතාවට අඩු බරක් පැටවෙන්නේ වැට් බද්දෙන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මේ ආකාරයට ජනතාව මත බදුබර වැඩිකරමින් ආදායම තර කර ගැනීමට සිදුව ඇත්තේ පසුගිය කාලයේ රාජපක්ෂවරුන් විසින් ආර්ථිකය විනාශ කිරීම නිසා බව හෙතෙම කියා සිටියේය.