වසරේ හොදම නලුවා ඩිකැප්‍රියෝ

the-revenant

හොලිවුඩයේ මහා මංගල්‍යය ලෙසින් සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල 88 වන වරට පසුගිය 28 වැනි දින හොලිවුඩ් හි දී පැවැත්වුණු අතර, මෙවර වසරේ හොදම නලුවාට හිමි සම්මානය දිනා ගත්තේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ විසිනි. ඒ ‘ද රෙවිනන්ට්‘ චිත්‍රපටය වෙනුවෙනි.

‘ද රෙවිනන්ට්‘ චිත්‍රපටය ද මෙවර ඔස්කාර් සම්මාන 12ක් සදහා නිර්දේශ වූ අතර, වසරේ හොදම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය. ඒ ච රෙවිනන්ට් අධ්‍යක්ෂක මෙක්සිකෝවේ අලිහන්රෝ ජී. ඉනරිතු විසිනි. ඉනරිතු පිට පිට ඔස්කාර් සම්මාන හිමිකර ගත් දෙවන අවස්ථාව මෙයයි.