වරාය නගරය ගැන කියන්න ධීවරයෝ ගමින් ගමට 

port city

යෝජිත වරාය නගරය මගින් සිදුවන පරිසර හානියත්, එමගින් ධීවර කර්මාන්තයට එල්ල විය හැකි තර්ජනයත් පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර සංවිධාන එකමුතුව පවසයි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර වෙරළ තීරයේ ගම්මාන ඉලක්ක කරගත් අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් සහ රැස්වීම් මාලාවක් නොවැම්බර් 15වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මෙම රැස්වීම් වලදී ධීවර නියෝජිතයන් පමණක් නොව පරිසරවේදීන් ඇතුළු මෙම විෂය පිලිබඳ නිපුණතාවයක් සහිත පිරිස් ජනතාව අමතනු ඇතැයි ධීවර සංවිධාන එකමුතුවේ නියෝජිතයෙකු ජනරළට පැවසීය.

යෝජිත වරාය නගරය ඉදි කිරීමේදී සිදුවන පාරිසරික හානි නිසා මත්ස්‍ය අභිජනන ස්ථාන සහ මත්ස්‍ය වාසස්ථාන විනාශ වී මත්ස්‍ය සම්පත සංහාරයට ලක්විය හැකි බවට පරිසරවේදීහු අනතුරු අඟවති.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී චීන සමාගමක් සමග ගිවිසුම් අත්සන් කර ආරම්භ කරන ලද වරාය නගර ව්‍යාපෘතිය පරිසර ඇගයීම් කරන තුරු තාවකාලිකව නතර කරන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු වුවද එවැනි කිසිදු සහතිකයකින් තොරව එහි ඉදි කිරීම් කටයුතු යලි ආරම්භ කර ඇති බවට ධීවරයෝ චෝදනා කරන බව ජනරළ වාර්තා කරයි.

ප්‍රසන්න ජයවීර

Leave a Reply