අධිරාජ්‍යවාදීන් විසින් කියුබාවට එරෙහිව හා සිරියාවට එරෙහිව කි‍්‍රයාත්මක කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා මානව විරෝධී කි‍්‍රයා මාර්ගවලට එරෙහිව අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.
එහිදී උද්ඝෝෂකයන් විසින් ජනාධිපති ඔබාමාගේ අනුරුවකටද උද්ඝෝෂණය අතරතුර ගිනි තබා ඇත.
එක්සත් ජනපදය විසින් වසර ගණනාවක සිටි කියුබාවට එරෙහිව පවත්වාගෙන යන ආර්ථික සම්බාදකවලට එරෙහිවත් මේ වන විට එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් නෙටෝව හරහා කි‍්‍රයාත්මක කරන සිරියාවට එරෙහි යුද්ධයට එරෙහිව මෙම උද්ඝෝෂණ්‍ය පැවැත්විනි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක හා එ ප‍්‍රචාරක ලේක්ම් පුබුදු ජයගොඩ හා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව හා රවීන්ද‍්‍ර මුදලිගේ ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගීවිය.
එම උද්ඝෝෂණයේ ඡුායාරූප පහත පළවේ.








