විමර්ශන කොමිසම අද ඇවන්ගාඩ් නැවට යයි

the arms ship- Avant Garde

පසුගියදා නාවික හමුදාව විසින් රඳවාගත් ඇවන්ගාඩ් නැව ගැන පරීක්ෂා කිරීමට බරපතල මූල්‍ය වංචා විමර්ශන පිළිබඳ ජනාධිපිති කොමිසමේ සාමාජිකියින් අද එම නැවට ගොස් පරීක්ෂා කිරීමට නියමිත බව වාර්තාවේ.

මෙම නැව නාවික හමුදාව විසින් රඳවා ගැනීමට හේතුවූයේ නැවතුල තිබූ අවි පිළිබඳව නිසි අවසරයක් හා ඒවා පිළිබඳව සවිසිතරාත්මක තොරතුරු නාවික හමුදාවට ලබා නොදී සිටීමත් නැව ගාල්ල වරායට ඇතුලුවීමට අවසර ඉල්ලා තිබුණත් එහි ඇති අවි හා ඒවා පිළිබඳව නිවැරදි වාර්තා ලබා නොදීමත් යව කරුණූ අනුවය.

කෙසේ වෙතත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු මේ නැව නාවික හමුදාව රඳවාගැනීඹත් සමග එය මුදා හරින ලෙස නාවාක හමුදාවට නියෝග කර තිබුනි. මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කරන ලෙස නියෝග කර තිබුනි.

එම පරීක්ෂණය නාවික හමුදාව විසින් කර ඒ පිළිබදව සිය වාර්තාව ජනාධිපතිවරයාට පසුගියදා බාරදී තිබුනි.

Leave a Reply