මෙගා සිටි පළමු අදියර හෝමාගමින් අරඹයි!

ranil-in-parlimant

බස්නාහිර මහ නගර සංවර්ධන සැලැස්ම යටතේ ඉදිකෙරෙන තාක්ෂණික නගරයේ පළමු අදියරේ කටයුතු 22 වැනිදා අගමැතිවරයාගේ මූලිකත්වයෙන් හෝමාගම දී ආරම්භ කරන බව ආන්ඩුවේ ආරංචිමාර්ග පවසයි.

හෝමාගම, මහහේනවත්ත ප්‍රදේශයේ මෙම පළමු ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබීම සිදුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කළේය. ජාතික විද්‍යා මධ්‍යස්ථානය, චන්ද්‍රිකා මධ්‍යස්ථානය හා තාක්ෂණික විශ්වවිද්‍යාල ඇතුළු මධ්‍යස්ථාන පහක් සහිතව මෙම තාක්ෂණික නගරය ඉදිකිරීමට නියමිතය.

පළමු අදියර සඳහා මාලඹේ සිට හෝමාගම දක්වා කලාපයක් නම් කර ඇත. මාලඹේ ප්‍රදේශය තාක්ෂණික කලාප 4ක්ද හෝමාගම ප්‍රදේශය තාක්ෂණික කලාප 7ක්ද වහයෙන් මෙම ඉදිකිරීම් සිදුකරන්නට සැලසුම්කර ඇත. මෙම තාක්ෂණික කලාපය තුළ මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය සහ ජාතික විද්‍යා මධ්‍යස්ථානය විසින් ව්‍යාපෘති ෙමහෙයවීම් සිදුකරයි.
‘තාක්ෂණික නගර‘ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අක්කර 1200ක භූමි පදේශයක් යොදාගැනීමට නියමිතය. මේ යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාකුඹුර හුවමාරු මධ්‍යස්ථානයේ සිට උඩුවන හංදිය දක්වා මංතීරු හතරකින් යුත් මාර්ග පද්ධතියක් සකස් කිරීමට ද නියමිතය.