කෝප් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කරන වෙනත් පාර්ශ්ව නිසා ස්වාධීනත්වය පිළිබඳ ගැටළු මතුවන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රීව සුනිල් හඳුන්නෙත්ති පවසයි.
කෝප් කමිටුවේ කාර්යයන් ගැන බාහිර පාර්ශවයන් සිදුකරන ප්රඳකාශ ලෙස මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදුකරන පරීක්ෂණ පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්යශවරයා නිකුත් කළ විවිධ ප්රබකාශ මෙහිදී අවධානයට ලක් විය. කෝප් කමිටුව විසින් දැනට කරගෙන යන විමර්ශන සම්බන්ධයෙන් කමිටුව මෙතෙක් නිල ප්රයකාශයක් නැතිව තිබියදී ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ඇමැතිවරු සහ නිල අමාත්ය්වරයා ඊට මැදිහත්වීම පිළිගත නොහැකි බව සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීවවරයා පවසයි.
ඔහු මේ අදහස් පළ කලේ ජනහමුවක් අමතමිනි.