අභිරහසක්ව පවතින රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිලිබද පශ්චාත් මරණ පරික්ෂනයෙන් පසුව සිරුරේ අස්ථි කොටස් මාලඹේ ‘සයිටම්‘ ආයතනය වෙත ගෙන ගොස් ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(21) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශාචාත් මරණ පරික්ෂණය සිදුකර ඇත්තේ එවකට කොළඹ ප්‍රධාන අධිකරන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ආනන්ද සමරසේකර විසිනි. පසුකාලයක ඔහු සේවයෙන් ඉවත්ව වෛද්‍ය උපාධිය අලෙවි කිරීම පිලිබද විරෝධයට පාත්ර. වී ඇති මාලඹේ ‘සයිටම්‘ ආයතනයේ තනතුරකට පත් විය. සිදුවීම සම්බන්ධ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකරගේ ක්රිකයාකලාපය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව ඊට අදාළව කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවකයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව සඳහන් කළ පොලිසිය එම ප්‍රකාශවලදී වෛද්‍ය ආනන්ද සමරසේකර විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර ශීතාගාරයේ තිබූ අස්ථි කොටස් අඩංගු පාර්සල් 15 ක් පමණ වාහනයකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව සඳහන් කර තිබේ. ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී එම අස්ථි කොටස් මාලඹේ සයිටම් ආයතනය වෙත රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇත.
මේ අතර තාජිඩීන් ඝාතනයට අදාල සාක්ෂ්‍ය වසන්කිරීම පිළිබද චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජ්‍යෝෂ්ඨ නියෝෙජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් ඔක්තෝබර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්්‍රොත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත.