ලේක්හවුස් සේවක විරෝධතාවයෙන් පුවත්පත් මුද්‍රණය අර්බුදයක!

lakehouse-protest

ලේක්හවුස්ද සේවකයන් අද දින ආරම්භ කළ විරෝධය නිසා හෙට දින ලේක්හවුස් ප්‍රකාශන නිකුත්කිරීම බලවත් ගැටලුවක් බවට පත්ව ඇති බව ලේක්හවුස් ආරංචිමාර්ග වාර්තා කරයි.

පාලකයන් විසින් ලබා දුන් සාකච්ඡාවේදී ඇතිකරගත් එකගතා විශ්වාස කළ හැක්කේ ඒවා ලිඛිතව ලබාගැනීමෙන් පසුව බව සේවකයෝ පවසති. ඒ අනුව හොර රහසේ අත්සන් කළ සාමුහික ගිවිසුමේ කොන්දේසි වෙනුවට ඉල්ලා සිටි වැටුප් වැඩි කිරීම් ලබාදීමටත් පළිගැනීම් නොකරන්නටත් අසාධාරණ ස්ථානමාරු අවලංගු කරන්නටත් ඇති කරගත් එකගතා ලිඛිතව ලබාදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ග අවසන් කරන්නට ලේක්හවුස් සේවකයෝ සූදානමින් සිටිති.

සිය රැකියාවේ සුරක්ෂිතතාව සහ සාධාරණ වැටුප් වැඩිවීමක් ඉල්ලා ලේක්හවුස් සේවක සංගමය විසින් අද(19) ආයතන පරිශ්‍රෙය් විරෝධතාවක් ආරම්භ කළේය. වංචා – දුෂණ, පරිපාලන දුර්වලතා, නුසුදුසු පුද්ගලයන් වගකීම්වලට පත්කිරීම නිසා ලේක්හවුස් ආයතනය බිදවැටීමෙන් සහ පුවත්ප්‍පත් හා වෙනත් ප්‍රකාශන අළෙවිය පහළ බැස ඇත. සේවකයන් ලේක්හවුස් පියස්ස මත නැගී කලුකොඩි ඔසවා අඛන්ඩ විරෝධතාවය ආරම්භ කළ අතර‍්මුද්‍රණ හා කර්තෘ මණ්ඩල සේවකයෝ කණ්ඩායම් වශයෙන් විරෝධතාවට එක් වූහ.