සිරියානු හා යුක්රේන ගැන සාකච්ඡාවලට පුටින් ජර්මනියට

berlin-discassweb

සිරියාව හා යුක්රේනය අර්බූදය පිළිබදව යුරෝපා රටවල් කිහිපයක ප්‍රධානීන් හා සාකච්ඡා කිරීමට රුසියානු ජනාධිපති පුටින් පසුගිය බදාදා ජර්මනිය වෙත ළගාවිය.

මෙම සාකච්ඡා සදහා ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මාර්කේල් හා ප්‍රංශ ජනාධිපති ප්‍රැන්ක්කොයිස් හොලන්දේ හා යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝද සහභාගීවිය.  මෙම සාකච්ඡාවලින් පසුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් නොපැවැත්විනි.

යුක්රේන අර්බූදය ආරම්භවීමෙන් පසුව බර්ලීනයට රුසියානු නායකයා පැමිණි පළමු අවස්ථාවද මෙයයි.

සිරියානු අර්බූදය උත්සන්න කිරීමට රැසියානු මැදිහත්වීම ඉස්මතු කරමින් පසුගියදා බටහිර රටවල නායකයින් ගණනාවක් සිය මතය පළකර තිබුනි.

කෙසේවෙතත් මේවන විට සිරියාවේ ඇලේප්පෝ නගරයේ තාවකාලික සටන් විරාමක් ආරම්භ කිරීමට සිරියානු හා රුසියානු බලධාරීන් කටයුතු කර ඇත.

මෙය මානුෂීය තත්වයන් සැලකිල්ලට ගෙන ඇති කළ බව රුසියානු පාර්ශවය පවසා ඇත.

බදාදා පැවැති සාතච්ඡා පිලිබදව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රී පෙස්කෝ ප්‍රකාශකර ඇත්තේ මෙම සාකච්ඡා කඩා බිද දමන්න තම පාර්ශවයට අවශ්‍ය නොවන බවයි.

ජර්මනිය වෙනුවෙන් සාකච්ඡාවලට සම්බන්දව සිටි එරට විදේශ ඇමැති ප්‍රෑන්ක් වොල්ටර් මාධ්‍යයට පවසා සිටියේ ඉදිරි සාකච්ඡාද පහසු නොවනු ඇති බවයි.

Leave a Reply