තම ගුවන් කාලයෙන් සියයට 80 ක් පමණ ආණ්ඩුව විවේචනය කිරීමට වෙන් කරනු ලබන පෞද්ගලික රූපවාහිනි නාළිකා සහ ගුවන් විදුලි නාළිකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දොස් පවරා ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඊයේ (07) පෙරවරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිරික්ෂණ චාරිකාවක යෙදී සිටියදී මේ අදහස් පළ කර සිටියේය.
ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාළිකා සහ ගුවන් විදුලි නාළිකා රටේ සංවර්ධන කටයුතු සහ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැය කරන්නේ ගුවන් කාලයෙන් සියයට 20 ක් පමණක් බවය. තමන් වෙත මේ සම්බන්ධ වාර්තා ලැබී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබිණි. රජය විවේචනය කිරීම වරදක් නොවන නමුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙන යමින් තම මාධ්‍ය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳ මාධ්‍ය ආයතන වෙත මග පෙන්වීමක් කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා කීය. එවැනි මගපෙන්වීමක් යනු කිසිසේත් මාධ්‍ය මර්දනයක් නොවන අතරම ජනතාවට හරවත් මාධ්‍ය භාවිතයක් පිළිබඳ අයිතිය ලබාදීම වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා පවසයි.
වැඩිදුරටත් කරුනු දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් තමන්ට ලබාදී ඇති සංඛ්‍යාත පරාසයන් අභිබවා යමින් නීති විරෝධි ලෙස කටයුතු කිරීම පිළිබදව සොයා බැලීමට නවීන තාක්ෂණය උපයෝගි කර ගැනිමේ හැකියාව ඇති බවයි.
2004 වසරේ සිට රටේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කටයුතු සොයා බැලිමට ජනාධිපතිවරයෙකු ගිය පළමු අවස්ථාව මෙය පැවසේ.