ජනපති එන්න කියයි – කලාකරුවෝ බෑ කියති

Media Comfarence 20151108 Jehan Srikantha Appuhami 03

රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කිරීමේදී කලාකරුවන්ට අවමන් කිරීමට අදාලව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව නාට්‍යකරුවෝ පවසති.

රංගන ශිල්පී ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි මේ බව මාධ්‍ය වලට තහවුරු කර තිබේ. උද්ගතවූ අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් කිරීමට පැමිණෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් කළත් නිලධාරින් හා දේශපාලකයන් විසඳා ගත යුතු ප්‍රශ්නයකට නාට්‍යකරුවන් පටලවාගැනීම අවශ්‍ය නොවන බව කියමින් නාට්‍යකරුවන් එම ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. ඉතිහාසයේ පලමු වරට මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී නාට්‍යකරුවන් වේදිකාවට නැගී විරෝධය දැක්වුහ.

13649704_1251509961548636_242522592_n

13652507_1251509968215302_1032376223_n