ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දනය වඩාත් නින්දිත මට්ටමක ඇති බව සනාථ කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.
කැලනිය විශ්ව විද්‍යාලයේ නවකවධ සිදුවීමක් සම්බන්ධව ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පසුගිය දා කැලනිය සරසවි ශිෂ්‍යෙයා් පාගමනකින් විරෝධය පළ කළහ. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු එකී ශිෂ්‍ය පාගමනට සහභාගිවීම පිළිබද කරුණු විමසීමට බව පවසා අද (8) ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දින කැදවා තිබේ. එහිදී ඔහු 15වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත්කර ඇත.