ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ (ලංගම) සේවකයන් ප්‍රමාණය ස්‌වෙච්ඡා වන්දි ක්‍රමයක් හරහා අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. දැනට තිබෙන තත්වය අනුව එහි සේවක සංඛ්‍යාව 36,000 ඉක්මවා ගොස් ඇති අතර එක් බස් රථයකින් සේවකයන් අටදෙනකු නඩත්තු කිරීමට සිදුව තිබේ.
ලංගමට අවශ්‍ය රියෑදුරු, කොන්දොස්‌තරවරු හා කාර්මික නිලධාරීන් ප්‍රමාණය වෙනුවට දේශපාලන පත්වීම් දෙමින් අනවශ්‍ය නිලධාරීන් බුරුතු පිටින් බඳවා ගැනීම නිසා මෙම තත්වය උද්ගතව ඇතැයි රජය පවසයි. මුදල් අමාත්‍ය රවි කරුණානායක හා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී ස්‌වෙච්ඡා වන්දි ක්‍රමයක් හරහා සේවකයන් අඩු කිරීමට තීරණය වූ බවද වාර්තා වේ.
දැනට ලංගමයෙන් විශ්‍රාම ගිය සේවකයන් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක් ද විශ්‍රාමික පාරිතෝෂිතය වෙනුවෙන් රුපියල් මිලියන 400 ක් ද ගෙවීමට සිදුව තිබේ. මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ලබා නොගෙන ලංගම ආදායමෙන් ලංගම පවත්වාගෙන යා යුතු බවට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කරන ප්‍රකාශයට විරෝධය පල කරන ලංගම සේවකයෝ මෙය ලංගම විනාශ කර ප්‍රවාහන සේවා සැපයීමේ වගකීමෙන් රජය ඉවත් වීමේ වැඩපිළිවෙලක කොටසක් බව ජනරළ වාර්තා කරයි.
මධුරි මුණසිංහ