දස හැවිරිදි දරුවාගේ මරණය – සැකකරුවෙක් දැලේ
Posted on 09.26.2015 by Nishshanka in දේශීය පුවත් with 0 Comments
හංවැල්ල, පනාගොඩ, කපුරුගොඩ මාර්ගයේ නිවසක් තුළ 10 හැවිරිදි පිරිමි දරුවෙකු අභිරහස් ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අසල ගල්වැඩපළක සේවය කළ පනස් හැවිරිදි කම්කරුවෙකු බියගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සේවය කර ඇත්තේ මියගිය දරුවාගේ බාප්පාට අයත් ගල්වැඩපළක බව වාර්තා වේ.
අත් පා සහ හිස වෙන් වී යන ලෙස කෲර අන්දමින් මෙම ළමා ඝාතනය සිදු කර තිබූ අතර කපුරුගොඩ ප්‍රදේශයේ ගල්වළක පිහිටි මුරකුටියක තිබී දරුවාගේ කැබලි කළ සිරුර හමු වී තිබිණි. කවිඳු, පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ පස්‌වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙකු වූ අතර කවිඳුගේ පියා ගල්වළක සේවය කරන කම්කරුවෙකි.
සැකකරු අත්අඩංගුවට ගත් පුවත සැලවී අතුරුගිරිය පොලිසිය අසලට අද සවස රැස්වූ පිරිසක් අපරාධකරුවාට දඬුවම් දෙන ලෙස බලකරමින් නොසන්සුන් ලෙස හැසිරුණු බව වාර්තා වේ.
Related News