මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සාක්ෂි ලබාදුන් ඉහළ පෙලේ මහා බණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් පිරිසක් හදිසියේ මාරු කිරීමට යයි.
පසුගිය දින සීයේ යාහපාලන ආණ්ඩුව යටතේදී සිදුවූ මහා මූල්‍ය වංචාව ලෙස සැලකෙන බැදුන්කර වංචාව පාරල්ිමෙන්තුවෙ.
පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරියට ගොස් සාක්ෂි ලබාදුන් මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් ඔවුන් සිටි ස්ථානයන්ගෙන් වෙනත් ස්ථානයන් වෙත හදිසියේ මාරුකර යැවීමට මහා භාණ්ඩාගාර යේ අධිපතිවරයා හරහා සිදුව ඇති බව වාර්තාවෙ.
මහා භාණ්ඩාගාරයේ ඉහළම මට්ටමේ නිලධාරීන් පවා මෙම ස්ථාන මාරුවීම්වලට ලක්ව ඇත. පසුගිය දිනක මෙම ස්ථාන මාරුවීම් ගැන සාකච්ඡුා කිරීමට මහා භාණ්ඩාගාරයේ ඉහළම නිලධාරීන් ගේ රුස්වීමක් පවත්වා ඇති අතර එම රුස්වීම මහබැංකු අධිපතිවරයාගේ අවබෝධයකින් තොරව පවත්වා ඇති බව වාර්තාවෙ.
නමුත් පසුව මහ බැංකු අධිපතිවරයා හදිසියේ මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් පසුව එම රුස්වීම මෙහෙයවීමට ඔහු කටයුතු කර ඇත කෙසේ වෙතත් මේවන විට මහා භාණ්ඩාගාරයේ ඉහළ පෙල වගකීම් සදහා විශ‍්‍රාමගිය හිටපු නිලධාරීන් යලි කොන්ත‍්‍රාත් පදනමත සේවයට ගැනීමට ඇති සුදානමක් පිළිබදව මේ වන විට මහබැංකු නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ගොඩනැගී තිබෙන බව මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙවර ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමේදී මෙතෙක් මුදල් අමාතාංශය යටතේ තිබූ මහා භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංහයෙන් ඉවත් කොට අගමැතිවරයා යටතට ගෙන තිබේ