මෙතෙක් එක අමාත්‍යාංශයක් යටතේ තිබු ගුවන් සේවයට අයත් ආයතන මෙවර අමාත්‍යංශ ගණනාවකට පැවරීම නිසා බලවත් ව්‍යාකූලතාවයක් ඇති වී තිබේ.
ශ්‍රී ලන්කන් එයාර් සහ මිහින් ලංකා ගුවන් සමාගම් රාජ්‍ය ව්‍යවසාය සහ සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ඇමැතිවරයා යටතට පත් කළද ජාත්‍යන්තර ගුවන් ගමන් පුළුල් කිරීම සඳහා අනෙකුත් රටවල් සමග ගිවිසුම් වලට එළැඹීම පවරා ඇත්තේ නිමල් සිරිපාල ඇමැතිය.
ගුවන් තොටුපල සහ සිවිල්ගුවන් සේවා අධිකාරිය මෙවර පවරා ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශයටය. මෙය විකාරයක් බව ගුවන් තොටුපල සේවකයන්ගේ මතය බව ජනරළ වාර්තා කරයි.