ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ශක්තිමත් වේ

පසුගිය මාර්තු මාසයේ කොළඹදී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව බලධාරීන් එකගවී ඇති බව තහවුරුවේ. තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැළසීමේ වැඩසටහනේ දෙවන සමාලෝචනය සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වොෂින්ටනයේ සිට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව ලබන ජුනි මාසය ඉකුත් වීමට පෙර දෙවන සමාලෝචනයට අනුව එකඟ වූ පූර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ වෙනුවෙන් නව දේශීය ආදායම් පනත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර තවත් කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වේ.

 

Leave a Reply