මෝදිගේ සංචාරය ඉලක්ක කර පෝස්ටර් ඇලවූ දෙදෙනෙක් අත්අඩංගුවට
Posted on 05.12.2017 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය ඉලක්ක කර පෝස්ටර් ඇලවූ පුද්ගලයන් දෙදෙනකු ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ‘ගරු ඉන්දීය අගමැතිතුමනි, එට්කා අප මත බලෙන් නොපටවන්න.’ සහ ‘ගරු ඉන්දීය අගමැතඅතුමනි, ලංකාවේ ස්වෛරීත්වයට ගරු කරන්න’යන පාඨ පෝස්ටර් මගින් ප්‍රදර්ශනය කළ බවයි.
බොරැල්ල පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
U
Related News