தமிழ்
English
Contact
Tuesday 23rd January 2018    
නිෂ්පාදනය ඉහළ නොදමා අපනයන ආදායම ඉහළ දැමිය නොහැක - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

නිෂ්පාදනය ඉහළ නොදමා අපනයන ආදායම ඉහළ දැමිය නොහැක – පුබුදු ජයගොඩ



කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන ඉහළ දැමීමකින් තොරව හුදෙක් වෙළඳ ගිවිසුම්වලට එලඹීමෙන් පමණක් ලංකාවේ අපනයන ආදායම ඉහළ දැමීම සිදු කළ නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළඹෙන බවට උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කරන ලදි.

ලංකාවේ ආර්ථිකයේ තිබෙන ගැටලුව නිෂ්පාදනය අලෙවි කර ගැනීමට නොහැකි වීම නොව නිෂ්පාදනය ඉතා පහළ මට්ටමක පැවතීම වන බවත් දිනෙන් දින අපනයන කඩා වැටීමට හේතුව එය බවත් ආණ්ඩුව දැනට තිබෙන නිෂ්පාදන ආයතන විකුණමින් ETCA වැනි ගිවිසුම් හරහා ශ්‍රමයේ මිල පහළ දැමීමේ උත්සාහයක නිරතවන බවත් එවන් තත්වයකදී මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් ආර්ථිකයේ වර්ධනයක් අපේක්ෂා කල නොහැකි අතර එමඟින් වඩා බලගතු ආර්ථික සැලසුම්වලට ලංකාවේ ආර්ථිකය ගොදුරු වීම සිදු වන බවත්, මෙම ව්‍යසනය වැලැක්වීම සඳහා ජනාතාව දැනුවත් කිරීමට දේශපාලන පක්ෂයක් ලෙස මැදිහත් වෙන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන ලදි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් දක්වමින්.

(හඩ පටය පහතින්)

 




Related News