ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩයෙකු මෙන්ම අයි.සී.සී. තරග තීරක මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් මහානාම එම තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.
වසර 12ක් තරග තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සේවය ලබාදුන් මහානාම තරග තීරක ධුරයට මේ වසර අවසානයේ සමුදීමට තීරණය කර ඇත.
ඔහු ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සියේ සිය ධුරයෙන් සමුගැනීම ගැන පවසා ඇත්තේ වසර 40කට ආසන්න කාලයක් කි‍්‍රකට් කී‍්‍රඩාව සමග ගත කළ කාලය දැන් ප‍්‍රමාණවත් බවත් ඉදිරියට සිය පවුල කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදීම හා ව්‍යාපාරික කටයුතුවලට පූර්ණ අවධානයක් යොමු කිරීමට අදහස් කර ඇති බවයි.
ඒ අනුව රොෂාන් මහානාම මෙම වසර අවසානයේදී තරග තීරක ධූරයට හා පූර්ණ කාලීන ක්‍රිකට්වලින් සමුගන්නා බව අනාවරණය කර ඇත.
2004 වසරේදී තරග තීරකවරයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සම්බන්ධ වූ මහානාම මේ වනවිට ටෙස්ට් තරග 54ක්ද එක්දින ජාත්‍යන්තර තරග 222 ක්ද, විස්සයි විස්ස තරග35ක්ද තරග තීරකවරයෙකු ලෙස කටයුතුකර ඇත.
1986 දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයෙක් ලෙස ශී‍්‍රලංකාව නියෝජනය කිරීමට අවස්ථාව ලබාගත් රොෂාන් මහානාම 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකුද විය. 1999 වසරෙදී ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රිකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය.
ඔහු ටෙස්ට් තරග 52 ක් හා එක්දින තරග 213 දී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර එක්දින තරග දෙකක ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.