රුසියානු කණ්ඩායමට රියෝ ඔලිම්පික් දොර ඇරේ

russia.web

පසුගිය දිනවල රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රියෝ ඔලිම්පික් උළෙළට සහභාගීවීමේ යම් අවිනිශ්චිත තත්වයක් නිර්මාණය වී තිබුනි.

එයට හේතුවූයේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් පත්කරන ලද මැක්ලාරන් කමිටුවක් විසින් සොයාගත් තහනම් ඖෂධ ලබා ගත් බවට වන සාක්ෂි හේතුවෙනි. මෙම සිදුවීමත් සමග ලොව පුරා මාධ්‍යවල රුසියානු කණ්ඩායමට මෙවර රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමේ අවස්ථාව නොළැඹෙන බවට විවිධ මත පළවිය.

කෙසේ වෙතත් මේ පිළිබදව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් තීරණය එළිදක්වා ඇත. රුසියානු ඔලිම්පික් කණඩායමට මෙවර රියෝ උළෙලට සහභාගීවිමට බාධාවක් නොමැති බවට එහිදී තීරණය කර තිබේ.

එසේ නමුත් රුසියාව විසින් තම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිර්දෝෂිභාවයට රටක් ලෙස වගවිය යුතු බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව අවධාරණය කර ඇත.