මංජුල වෙඩිවර්ධනගෙන් ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’
Posted on 09.19.2016 by Chandana Sirimalwatte in කලා with 0 Comments
මංජුල වෙඩිවර්ධන විසින් ලියැවුණු කෙටිකතා හයකින් සමන්විත ‘දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා’ සහෘදයන් අතට පත් කර ඇත.
1997දී ෂේන් මැකෙල්වි සමඟ කළ ‘නිරුත්තර සමාධිය’ කාව්‍ය සංග්‍රහය මංජුල වෙඩිවර්ධනගේ පළමු කාව්‍ය සංග්‍රහයයයි. ඉන් පසු ඔහු කාව්‍ය සංග්‍රහ හතක් පළ කර ඇත. ඔහු වසර 2000දී පළ කළ ‘මේරි නම් වූ මරියා’කෙටිකතා කෘතිය කතෝලික සභාවේ සහ රජයේ මැදිහත්වීමෙන් තහනමට ලක්විය. 2007 වසරේදී ඔහු ‘බත්තලංගුණ්ඩුව’ නවකතාව පළකරමින් සහෘද-විචාරක අවධානය යළිත් තමන් වෙත නතු කර ගත්තේ ය. වෘත්තීය මාධ්‍යවේදීයකු ලෙස කටයුතු කළ සමයේ ඇති වූ තර්ජන හේතුවෙන් ස්වයං පිටුවහලක වෙසෙමින් වුව ඔහු ලාංකීය සාහිත්‍ය තුළ නිර්මාණාත්මක මැදිහත්වීමක නිරත වෙයි.
Related News