ලබන වසරේ බ‍්‍රසීලයේ රියෝද ජැනෙයිරෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් හා පැරා ඔලිම්පික් තරගාවලියේ කලින් ඇස්තමේන්තු කළ වියදම්වලින් 30%ක් කප්පාදු කිරීමට එරට ඔලිම්පික් සංවිධායකයන් තීරණය කර ඇත. ඉසව් 50ක් සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 15,000ක් ඔලිම්පික් හා පැරා ඔලිම්පික් තරග සඳහා රියෝ නුවරට පැමිණීමට නියමිතය. මේ වන විටත් කී‍්‍රඩාංගණ ඉදිකිරීමද අපේක්ෂා කළ මට්ටමේ නොපවතින අතර ටිකට්පත් විකිණීමද සිදුව ඇත්තේ සැලකිය යුතු මට්ටමක නොවේ. අරමුදල් සපයා ගැනීමේ අර්බුදය හා පාරිසරික හානි අරඹයා ඇති වී තිබෙන රියෝ ජනතා විරෝධතා නිසාද බ‍්‍රසීල බලධාරීන් ගැටලූ රැුසකට මුහුණ දී සිටී.