අමෙරිකා එක්සත් ජනපදයේ සිරදඬුවම් ලබන රාජ් රාජරත්නම් තමාගේ මිතුරෙකු බව මහබැංකු අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඊයේ (5) ජනමාධ්‍යවේදීන් හමුවේ පිලිගෙන ඇත.
ලංකාවේ ඉපිද අමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන ප්‍රකෝටිපතියෙකු වන රාජ් රජරත්නම් මහාපරිමාණ විනිමය වංචාවක් සම්බන්ධයෙන් 2011 වසරේ අත්අඩංගුවට ගෙන නඩු විභාගයකින් පසුව සිරදඩුවමක් ලබා සිටී. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් කීවේ රාජරත්නම් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සිට තමාගේ සරසවි සඟයෙකු බවත්, ඔහු තමාට වඩා වසර 2ක් කණිෂ්ඨ බවත්ය. හෙජින් සූදුවට සම්බන්ධ නියෝජිත ආයතනයක් ලෙස සැලකෙන ඔහුගේ ගැලියන්ස් ගෘප් සමාගමේ කටයුකුවලට උපදේශකත්වයෙන් සහය වන ලෙසත් තම සරසවි මිත්‍රයා ආරාධනා කළ බව මහබැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය. තමා ඒ අනුව මාස 10ක පමණ කාලයක් සාර්ව ආර්ථිකයට අදාළව පර්යේෂණ පත්‍රිකා ලියා දුන් නමුත්, එම සමාගමේ පර්යේෂණ කටයුතුවලට තමන් දායක වුනේ මිතුරා චෝදනා ලබා අත්අඩංගුවට ගැනීමට ප්‍රථම බවත් ඔහු අවධාරනය කළේය.
මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ රාජරත්නම් යනු ලංකාවේද ස්වේච්ඡා සේවයට මුදල් වියදම් කළ පුද්ගලයෙකු බවයි. සර්ව ආර්ථික මූලධර්ම ක්‍රියාවට නංවා රටේ ආර්ථික ස්ථායිතාව ස්ථාපිත කිරීමට තමන් කටයුතු කරන බවත්,තිරසාර ආර්ථිකයක් ගොඩනැඟීම අභියෝගයක් බව තමන් පිළිගන්නා බවත් මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේය. මේවන විට ආණ්ඩුව විසින් දැඩි ලෙස බදු පනවා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කරන ලද බලපෑම අනුවදැයි මාධ්‍යවේදීන් විසින් මෙහිදී කළ විමසීමේදී ඔහු කියා සිටියේ මුද්‍ය අරමුදලින් බලපෑම් නොකළ මුත් යම් මගපෙන්වීම් සිදුරන බවයි.