අලූත් ව්‍යවස්ථාව ගේන්නේත් ජනමතය මඟ හැරලා

Patalee-champika-ranawaka

අලූත් ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරපත් නොකර පාර්ලිමේන්තුවේදී පමණක් සම්මත කර ගැනීමට අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව සැලසුම් කර තිබේ. මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් හමුවීමට ගිය අවස්ථාවේදී ඇමැති පාඨලී චම්පික රණවක මේ බව අනාවරණය කළේය. ජනමත විචාරණයකට යන කරුණු කිසිවක් ඇතුළත් නොකර නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයකු වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පසුගිය දා මාධ්‍ය වෙත අදහස් පළ කිරීමේදී කියා සිටියේ අලූත් ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නේ නම් වඩාත් යෝග්‍ය බවයි. 72 සහ 78 ව්‍යවස්ථා දෙකද ජනමත විචාරණවලට ඉදිරිපත් කර නොමැති බැවින් නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමෙන් ඊට සුජාතභාවයක් ලැබෙන බවද ඔහු පැවසුවේය.