තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිය බලතල සහ ලිපි ගොනු ඇගේ දෙවැනියා ලෙස කටයුතු කළ තමිල්නාඩු මුදල් ඇමති ඕ. පන්නීර්සෙල්වම් වෙත පවරා තිබේ. එහෙත් තවදුරටත් තමිල්නාඩු මහ ඇමති ධුරය හොබවන්නේ ජයලලිතාය.
අසනීප තත්වය හේතුවෙන් ඇය ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා රෝහල් ගත කෙරුණු අතර මේ දක්වාම ඇය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නීය. කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය වී නැතැයි ඇතැම් විදෙස් මාධ්‍ය ප‍්‍රකාශ කරයි.
පන්නීර්සෙල්වම් මීට පෙර අවස්ථා දෙකකදී තමිල්නාඩු මහ ඇමති ධුරය දරා තිබේ. ඒ 2001 වසරේදී සහ මීට මාස කිහිපයකට පෙර ජයලලිතා රක්ෂිත බන්ධනාගාර ගත වූ අවස්ථාවේදීය.
ජයලලිතා චෙන්නායිහි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් කටකතා පැතිර වූ පුද්ගලයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

