සුදු වෑන් නෑ, මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නෑ, අතුරුදන් වෙන්නේ නෑ කියන ඒකෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මනින්න බෑ!
Posted on 10.10.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මේ වනවිට සුදුවෑන් නැතිකම, මාධ්‍යට පහර නොදීම හා අතුරුදන්කිරීම් නොවීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කියමින් ඇතැමුන් වැරදි අදහස් මතුකරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ඉට වඩා පුලුල් අරමුණක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත පවසයි. ඔහු මේ බව පැවැසුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා උද්ඝෝෂකයෝ විසින් පසුගියදා ගාල්ලේදී පැවැත්වූ සම්මන්ත‍්‍රනයේදීය.
එම සම්මන්ත්‍රණයේදී කථිකයන් වෙතින් පළකළ අදහස් මෙසේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරිමේ වගකීම පීඩිත පංතිය අතට ගත යුතුයි
-දිනුක සපුතන්ත‍්‍රි
‘වත්මන් ධනවාදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අදාල නෑ. රාජපක්ෂලා ජාතිවාදය පතුරුවද්දී ධනවාදය හො`දින් ක‍්‍රියාත්මක වුණා. සිංගප්පූරු සංකල්පයක් ගැන සමහරු කියනවා. සිංගප්පූරුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ. ලංකාවටත් මේ අය යෝජනා කරන්නේ එවැනි තත්ත්වයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තොර ධනවාදයක්. ධනවාදයට දැන් වර්ධනය කළ හැක්කේ ප‍්‍රතිගාමිත්වය පමනයි.
දේශපාලන නිදහස පිලිබද ආත්මීය බලාපොරොත්තුවක් උතුරට තියෙනවා. උතුරට වඩා දකුණේදී එය ද්‍රව්‍යමය ජීවිතයේ දෛනික ගැටළුවල හිරවෙලා. දේශපාලන බලය අත්පත් කර ගැනීමකින් තොරව, අද දවසේ දේශපාලන නිදහස අත්කර ගත නොහැකි බව ඉතා පැහැදිලි කරුණක්.’
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ සාක්ෂරතාවය යළි කියවිය යුතුයි
-චමීර කොස්වත්ත
‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කරපු සටනක් හැටියට වමට තියෙන්නෙ ධනපති වැඩපිලිවෙලවල්වලට, බල දේශපාලනයට, සභාගවලට කත් ඇදපු කර ගහපු, කුජීත වෙච්ච ඉතිහාසයක්. ඒකත් එක්ක ප‍්‍රශ්නයක් තියෙනවා නැවත වටයකින් අපි වටේ අනිකුත් පක්ෂ බහුජන සංවිධාන වෘත්තිය සමිති එකතු කරගෙන අපි මේ මොකක්ද කරන්න හදන්නෙ කියලා…
…පසුගිය ජනවාරි 08 වෙනිදා දේශපාලන සංවාදෙ ආවෙ බහුවිධ ව්‍යාපෘතියක් ලෙස. ඒ වෙලාවෙ ලාංකීය සමාජයේ සමාජ අභිලාෂයන් ගණනාවක් පැවතුණා. ඒවා එකතුකරලා මේ මෙගොල්ලො අමුතුම රූපකයක් දුන්නා. පිරිසකට ඒකාධිපති මහින්ද රාජපක්ෂ පැන්නීමේ අභිලාෂයක් තිබුනා. තවත් පිරිසකට දේශපාලන බලය ඩැහැ ගැනීමේ සැලසුමක් තිබුනා. තවත් පිරිසක් අවංකවම විශ්වාස කලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අවම හෝ කාර්යභාරයක් සිදුවෙනවා කියලා. හැබැයි එහෙම කතා කරපු අය දැන් හොයා ගන්න බෑ. අවම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වැඩ කොටසක් වෙනවා කියලා කාටවත් කියන්න බෑ. කවුරුහරි කියනවා නම් සුදු වෑන් නෑ, මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ නෑ, අතුරුදන් වෙන්නේ නෑ කියලා, ඒකෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මනින්න බෑ. මේ තියෙන්නෙ අර එක වෙලාවක රෝහණ සහෝදරයා කිව්වා වගේ ‘අපායේ ඉන්ටවල්’ එක. එක බල ක්ෂේත‍්‍රයක් පැරදිලා, අනිත් එක ගොඩනැගිලා තහවුරු වෙන්න ගතවෙන කාලය. ඇත්තටම දැන් ඒ කාලෙ ඉවරයි.
මේ දේ ඉතිහාසය පුරා වරින්වර සිදුවුණා. ඒකට තිරය පිටුපස වගේම තිරය ඉදිරියට ඇවිත් සමහර අය පෙනී සිටියා. 94දි චන්ද්‍රිකා කුමාරතුංග ආපු වෙලාවෙ, ඒ වගේම ජනවාරි 08 ‘විප්ලවේදි’, මේවා ඉතා පැහැදිලිව පෙනුනු අවස්ථාx 2005 මහින්ද එන වෙලාවෙ මේක හරියට පැහැදිලි වුනෙ නැතත්, මේ බොහෝ දෙනෙක් පස්සෙදි මහින්දගෙ බල ව්‍යාපෘතියට එකතු වුණ…
…තවදුරටත් උඹලා මිනිසුන්ට ජීවත් වෙන්න බැරිතත්ත්වයක් හදනවා නම්, තවදුරටත් උඹලා මිනිසුන්ගේ අයිතිවාසිකම් උදුරගන්නවා නම්, රැුකියා නැත්නම්, මිනිසුන් සටන් නොකර වෙන අහවල් ඇන්නෑවක් කරන්නද?ඒ නිසා ඒක තීරනය කරන්නේ අපි නෙවෙයි ධනපති ආණ්ඩුව. මිනිසුන්ට ජීවිතේ දෙනවද, මිනිසුන්ගෙ ප‍්‍රශ්න විසදෙනවද, මිනිසුන්ට කන්න බොන්න දෙනවද දරුවන්ගේ අධ්‍යාපනය ලැබෙනවද ලෙඩක් දුකක් වුනහම සෞඛ්‍ය පහසුකම් තියෙනවද, මේ ප‍්‍රශ්න මත තමයි මිනිස්සු සටන් කරනවද නැද්ද කියන එක තීරනය කරන්නෙ. සටන් කරන්න මිනිසුන්ට තියෙන අයිතිය අපි පිළිගන්නවා. ඒ නිසා ඒ අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අයිතියක්. ඒ අයිතිය අපි පිළිගන්නවා. ඒ නිසා ඒ අයිතිය උදුරාගන්න නිර්මාණය කරන්න නියමිත සියළුම මර්ධන නීති පනත් වලට අපි විරුද්ධයි. ඒ වගේම ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් හටන් කරපු,ඒ හටන් කිරීම නිසා ර`දවගන්න, සිරගත කරන්න, ද`ඩුවම් කරන්න, ඉඩ දෙන්න බෑ. ජීවත් වීමේ අයිතිවාසිකම් වෙනුවෙන් පොදු සමාජ ප‍්‍රශ්න වෙනුවෙන් සටන් කරන්න මිනිසුන් පෙළඹුවා නම් ඒ සටන් කරන්න බලපාපු හේතු අපි සමාජ දේශපාලනය තේරුම් ගෙන පිළිගන්නවා නම් මෙහි සමාජ ප‍්‍රශ්නවෙනුවෙන් කි‍්‍රයාත්මක වුනු සියළු දෙනා අඩුම වශයෙන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය යුතුයි. යම් සමාජයක් එහෙම පිළිගන්නවා නම් කළ යුත්තේ ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමයි.
දේශපාලන සිරකරුවන් පිළිබ`ද ඔභ් එකේ ස්ථාවරයටත් ඒ වගේම විග්නේෂ්වරන්ලාගේ ස්ථාවරයටත් අපි විරුද්ධයි. මෙතන අධිකරණ කටයුතු වේගවත් කිරීම පිළිබ`ද අදාලත්වයක් නෑ. ඇප දීමක් අදාලම නෑ. කළයුත්තේ ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමයි.
Related News