தமிழ்
English
Contact
Friday 28th July 2017    
රු.1000ක දෛනික වැටුපක්, ඉල්ලා වතු සේවා උද්ඝෝෂණයක්! « Lanka Views | Views of the truth

රු.1000ක දෛනික වැටුපක්, ඉල්ලා වතු සේවා උද්ඝෝෂණයක්!




රුපියල් 1000ක දෛනික වැටුපක්, දින 6ක වැඩ සතියක් සහ මාස 18ක හිඟ වැටුප් ඉල්ලා වතුසේවකයෝ ඔක්තෝබර් 9වැනිදා මාතලේ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

එයට නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, කොමියුනිස්ට් කම්කරු සංගමය, ලංකා කම්කරු සමිතිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ සහ වෘත්තීය සමිති ගණනාවක් එක්විය. තොන්ඩමාන්, දිගම්බරන් ඇතුළු දක්ෂිනාංශිකයන්ගේ බල ක්‍රීඩා වල ගොදුරු බවට පත්වීමෙන් වලකා වතු කම්කරු ජනතාව වාමාංශික ධජයක් යටතේ සංවිධානය කළ යුතුය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කම්කරු සංවිධාන සහ වෘත්තීය සමිති ගණනාවක් අද උදෑසන එක්වී මෙම ප්‍රශ්නය සාකච්ඡා කළේය. කඳුකර සමාජ ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයද එක්විය.

estate-workers3 estate-workers1



Related News