‘ලයිසන් නැති තාරුණ්‍යය සහ මෝටර් බයිසිකල්’

‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය පිලිබද සංවාදශීලී කතිකාවක් ඔක්තෝබර් 19 වැනි දින සවස 3.30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

‘ලයිසන් නැති තාරුණ්‍යය සහ මෝටර් බයිසිකල්’ නමින් ‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධානය විසින් කැදවා ඇති මෙම කතිකාවේ මූලික සංවාද ප්‍රවේශයන් භූපති නලින් වික්‍රමගේ, පුබුදු ජයගොඩ, විදර්ශන කන්නන්ගර යන අය විසින් සිදුකරනු ඇත.