දක්ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ගවල වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමේ පද්ධතියක් අලූතින් ස්ථාපිත කරන බව වාර්තා වේ. අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක පවසන්නේ, ඉදිරි දෙමස තුළ නව පද්ධතිය ස්ථාපිත කරන බවයි.
දැනට ස්ථාපිත කර තිබෙන හඳුනා ගැනීමේ පද්ධතිය ප‍්‍රමාණවත් නොවීමත් එය රාත‍්‍රී කාලයේ ප‍්‍රයෝජනවත් නොවීමත් නිසා මෙම තීරණය ගැනීමට හේතුව බව ඔහු පවසයි. නව පද්ධතිය ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව අධිවේගී මාර්ගයේ සේවය කරන පොලිස් නිලධාරීන් පුහුණු කිරීමට කටයුතු යොදා තිබේ.
එස්. ඕපනායක පවසන්නේ රියදුරන් අධිවේගී මාර්ගයේ වේගයෙන් රිය ධාවනය කිරීම අනතුරුවලට හේතුව බවයි. රියදුරන් පවසන්නේ, අධිවේගී මාර්ග තිබෙන්නේ වේගයෙන් රිය ධාවනය කිරීමට වුවත් ලංකාවේ අධිවේගී මාර්ග ප‍්‍රමිතියෙන් බාල නිසා රිය අනතුරු සිදු වන බවයි.