තිලිණ ගමගේගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

thilinaweb

අලි පැටවකු සොරෙන් තබා ගෙන සිටි බවට චෝදනා එල්ල වී ඇප මත නිදහස්ව සිටින හිටපු විනිසුරු තිළිණ ගමගේට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කර තිබේ. ඒ, ඔහු විසින් කොළඹ මහාධිකරණය හමුවේ කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ඉදිරියේ ඔහුගේ ඉල්ලීම සලකා බැලිණි.

කලින් ලබා දුන් ඇප කොන්දේසිවලට අනුව ඔහු සතියකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වුවත් නව කොන්ද්සිවලට අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුත්තේ සෑම මාසයකම අවසන් ඉරිදා දිනයේ පමණි.