වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසින් රහසිගතව ගනු ලබන ජංගම දුරකථන ඇමතුම් අවුල් කිරීම සඳහා සවි කර ඇති දුරකථන සංඥා අවහිරතා යන්ත‍්‍ර හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවකට පත්ව ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති. මේ නිසා අත්‍යවශ්‍ය රාජකාරි දුරකථන ඇමතුම් ලබා ගැනීමට පවා බාධා වී ඇති බව පවසන එම සේවකයෝ ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡුා කිරීමට තීරණය කර ඇතැයි පවසති.