රටවල් හතරක් කටාර් රාජ්‍ය සමග තානාපති සම්බන්ධතා නවතයි

සෞදි අරාබිය, බහරෙන්,ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් හතර විසින් කටාර් රාජ්ජය සමග පැවැති සියලු තානාපති සබදතා අවසන් කරන බව නිවේදනය කර තිබේ.

මෙසේ සිය තානාපති සබදතා අවසන් කිරීමට එම රටවල් තීරණය කර ඇත්තේ කටාර් රාජ්‍යය මැදපෙරදිග රටවල් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හා මැද පෙරදිග කලාපීය කටයුතු අස්ථාවර කිරීමට කටයුතු කිරීම යන චෝදනා එල්ල කරමිනි. ත්‍රස්තවාදී කටයුතු සදහා එම රට අනුග්‍රහය ලබා දෙන බවටද සෞදි අරාබිය විසින් චෝදනා නගා ඇත.

සෞදි අරාබිය සිය තානාපති සම්බන්ධතා නවතා දැමීමිට අමතර එරට සමග පැවැති සියලු ගුවන් සේවා හා ගොඩබිම් මාර්ගයෙන් පවත්වාගෙන ගිය ප්‍රවාහන කටයුත් සියල්ල නවතා දමා අති බවය.

කටාර් රාජ්ජය යනු ලොව ප්‍රධානතම ද්‍රව ගෑස්  අපනයනය කරන රට වන අතර ලොව ප්‍රධානතම ගුවන් සේවා  සපයන සමාගමක්ද හිමි රටක් වන අතර එම ගුවන් සමාගම මේ වන විට සියලු රටවල් සමග ගුවන් ගමන් පවත්වාගෙන යනු ලබයි.

සෞදි ආරබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් තානාපති සම්බන්ධතා මෙසේ නවතා දැමීම හේතුවෙන් කටාර් රාජ්ජයේ ගෑස් වෙළෙදාමට හා ගුවන් සේවා කටයුත්වලට මහත් බාධාකාරී තත්වයක් ඉදිරියේදී නිර්මාණය වනු ඇත.