தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
වෛද්‍ය වර්ජනය නැවතත් ඇරඹෙන ලකුණු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

වෛද්‍ය වර්ජනය නැවතත් ඇරඹෙන ලකුණු



මාලඹේ SIATM ආයතනය සම්බන්ද ගැටලුවට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (25) දින නිකුත් කරන ලද නිවේදනය නිවැරදි නොකරන්නේ නම් නැවත අඛන්ඩ වැඩවර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මෙම නිවේදනයේ ඇතුලත් පරස්පර කරුණු ඉවත් කර ඊයේ දින සිය සංගමය, ජානධිපතිවරයා සමඟ සිදුකරන ලද සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ඉදිරි පැය කිහිපය තුළ නිවැරදි නොකරන්නේ නම් සිය සංගමය විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව එම සංගමය පවසයි.

අදාළ එකඟතා වෙනස් වුයේ කෙසේද යන්න පිළිබඳ විශාල ගැටළුවක් පවතින බවත්, එයට හේතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත්කළ යුතු බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් එම සංගමය පවසන ලදි.

 


ආශ්‍රිත පුවත්




Related News