යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ මතබේදයක් දුරදිග යාම නිසා හටගත් ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
අද (16) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන් පළමු වසර සිසුන් පිළිගැනීමට සංවිධානය කර තිබූ උත්සවයේදී මෙසේ ගැටුමක් හට ගෙන ඇත්තේ උත්සවය අවස්ථාවේදී සංස්කෘතිකාංගයක් පිලිබද ගැටලුවක් හේතුවෙනි.
එක් පිරිසක් උඩරට සංස්කෘතිකාංග යෝජනා කර ඇතක් තවත් පිරිසක් දෙමළ සංස්කෘතිකාංග ඉදිරිපත් කළ යුතු බවට අදහස් දැක්වීමෙන් පසුව වාදයක් ඇති වී තිබේ. අවසානයේ උඩරට සංස්කෘතිකාංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිසුන් විරෝධය පෑම දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව විශ්ව විද්‍යාලයීය ආරංචිමාර්ග පවසයි. තුවාල ලැබූ සිසිනුගේ තත්ත්වය බරපතළ නොවන අතර සිද්ධිය හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය වසා දමා විද්‍යාපීඨ සිසුන්ට තාවකාලිකව නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබේ.
මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයට විශේෂයෙන් පහරකෑමට ලක්වූ විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාරවලට ද කෝපායි පොලීසිය විසින් ආරක්ෂාව ලබාදී ඇත.