මේ දරුවාගේ රට කුමක්ද?

මේ දරුවාගේ රට කුමක්ද? එය හරියටම කියන්න බෑ. මොකද ඔවුන් තම පුරවැසියන් ලෙස භාරගන්න කිසිම රටක් කැමති නැති නිසා. මේ ඡායාරූපය ගත්තේ මැයි 18 වැනිදා ඉන්දුනීසියාවේ සරණාගත කඳවුරක, සරණාගතයන් ලියාපදිංචි කරන අවස්ථාවක. මේ මව සහ දරුවා ඉන්දුනීසියාවට ආවේ මියන්මාරයේ සිට. පරම්පරා ගණනාවක් මියන්මාරයේ ජීවත් වූ රෝහින්යා මුස්ලිම් ජනතාවගේ  රවැසිභාවය අහිමි කර ඔවුන්ව රටෙන් එළවා දමන්න මියන්මාර හමුදා ජුන්ටාව සහ බෞද්ධ මූලධර්මවාදීන් තීරණය කරලා. වෙනත් රටක් මේ වනතුරු ඔවුන් බාරගන්න කැමැත්ත දීලා නෑ. මේ දරුවාගේ ඉරණම මුළු ජීවිත කාලයම මේ විදියට වැලපෙන එකද?