පසුගිය කාලවකවානුව තුල බොහෝ විවාදයන්ට තුඩුදුන් බොදු බල සේනා සංවිධානය මෙවර මහ මැතිවරණයට තරග කිරීමට සුදානමින් සිටින බව වාර්තාවේ.
එම සංවිධානය මේවන විට මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි පක්ෂයක් ලෙස බොදු ජන පෙරමුණ නමින් ලියාපදිංචි වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව බොදුජන පෙරමුණ නම් වු පක්ෂයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මාධ්‍යට පවසා ඇත.
බොදු ජන පෙරමුණ නම් වු පක්ෂයට හිමි ඡන්ද ලකුණ වන්නේ පෑන ලකුණ වුවත් එම ලකුණ නයා ලෙස වෙනස් කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයට ලිඛිත ඉල්ලීමක්ද යවා තිබේ.
එම ලිඛිතව ඉල්ලම මැතිවරණ කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බව ඩිලන්ත විතානගේ පවසා තිබේ.