මාරියා ෂරපෝවාට වසර දෙකක තරග තහනමක්

shaparowa1

අන්තර්ජාතික ටෙනිස් සංගමය විසින් මාරියා ෂරපෝවට වසර දෙකක ක්‍රීඩා තහනමක් පනවා ඇතැයි වාර්තාවේ.

2016 වසරේ ජනවාරි මස සිට ඇයට මෙම තහනම පනවා ඇතග එයට හේතුව වී ඇත්තේ ඇය විසින් හෘද රෝගී තත්වයට ලබාත් ඔෟෂධ වර්ගයක් වන මෙල්ඩොනිම් වසර කිහිපයක සිට ලබාගැනීම හේතුවෙන් මෙම ගැටළුකාරී තත්වය ඇතිව තිබෙන බව ඇය වසින් මාධ්‍ය වෙත පවසා ඇත.

2016 වසරේ මාර්තු මස පැවැති ඕස්ටේලියානු විවෘත ටෙනිස් තරගාවලියේදී ඇයට තහනම් උත්තේජක ගෙන ඇතිබවට මුලින්ම චෝදනා එල්ලවී තිබුනි. එයට හේතුව වූයේ ඇයගේ මුත්‍රා පරීක්ෂණ සාම්පල්වල තහනම් සංඝටක අඩංගුබවට පරීක්ෂණවලදී තහවුරුවීම හේතුවෙනි.

කෙසේ වෙතත් ඇය මෙම තහනමට එරෙහිව අභියාචනයක් ජාත්‍යන්තර ටෙනිස් පෙඩරේෂණයට ඉදිරිපත් කරන බව මාධය වෙත ප්‍රකාශකර ඇත.