එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ලබන මාසය තුල ලංකාවට පැමිණීමට නියමිතය.
ඔහුගේ සංචාරය ස්විට්සර්ලන්තයේ ජිනිවාහි ලබන මාසයේ 14වැනිදා පැවැත්වෙන මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර සිදු වනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර ඒ පිලිබඳ වාර්තාවක් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
නමුත් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් ලංකාවට පැමිණි අවස්ථාවේ ප්‍රකාශ කළේ යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බවත් දේශීය පරීක්ෂණයක් සඳහා සහය දෙන බවත්ය.