මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ මූල්‍ය වාර්තා 220ක් අතුරුදන් වී ඇති බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉන්දු-ලංකා අත්කම් ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු වන බවද ඇමැතිවරයා පැවසීය.
වත්මන් ආණ්ඩුවටද මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම වත්මන් මහබැංකු අධිපතිවරයාගේ මැදිහත්වීමෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී සිදු වූ දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධව මෙතෙක් පරීක්ෂණ පවත්වා නැත. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන ලද නමුත් පසුව දෙපාර්ශ්වයේ එකඟතාව මත එම නඩුවද ඉල්ලා අස් කර ගැනුණි.