නවකයෙකුට අවස්ථාව ලබා දීම වෙනුවෙන් තමන් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් පවසයි. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම සනිටුහන් කරමින් ඩිල්ශාන් මේ අදහස් ප්‍රකාශ කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිල්ශාන් පැවසුවේ සිය අවසන් තරගය වූ ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී තමන්ට ලකුණු අතරට පැමිණිමට හැකි වූ බවත්, නවකයින්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තමන් පිටියෙන් සමුගන්නා බවත්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් මෙන්ම කලක් කණ්ඩායම් නායකත්වය ද ගෙන කටයුතු කළ තිලකරත්න ඩිල්ශාන්ගේ ක්‍රිකට් දිවිය වසර 17කි.
සිය 17 වසරක ක්‍රීඩා දිවියේදී තමන් උපරිමයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ බවත්, එම කාලය පුරාවටම නැගීම් මෙන්ම බැසීම් ද වූ බවත් පවසන ඩිල්ශාන් තමන් 2008 වසරේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීමට ගත් තීරණය තම දිවියේ හොඳම තීරණය බව ද පැවසීය.