මහවැලි අධිකාරියට අයත් ඉඩම් සම්බන්ධ නව බදු ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන බවක් තමන් නොදන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටී
ඔහු මේ බව පැවසුවේ ඇඹිලිපිටියේ පැවැති ආගමික උත්සවයකදීය. ඕමල්පේ සෝබිත හිමියන් මේ ගැන කියන තුරු තමන් ඒ බදු ක්‍රමය ගගැන දැන සිටියේ නැති බව පැවසූ ජනාධිපතිවරයා, මෙ සම්බන්ධව වහාම සොයා බලා පියවර ගන්නා බව රැස්ව සිටියවුන්ට පැවසීය. කෙසේවෙතත් ජනාධිපතිවරයා මහවැලි ඇමතිවරයා වශයෙන් සිටියදී මහවැලි ඉඩම්වලට අයත් බදු ක්‍රමයක් නොදැන සිටීම ගැන රැස්ව සිටියවුන් අතර විස්මය පළ විය.