ඉන්ජිනේරු සභාව පිහිටුවීමේ පනතට විරුද්ධ වියයුත්තේ ඇය? – පුබුදු ජයගොඩ
Posted on 08.22.2016 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
‘යෝජිත ශ‍්‍රී ලංකා ඉන්ජිනේරු සභාව පිහිටුවීමේ පනත’’ පිළිබඳ අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද 19 දින රාජගිරිය එම් ඞී ඞී ආර් ශාලවේදී මාධ්‍ය හමුවක් පැවැතිණි. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ දැක්වූ අදහස් මෙහි දැක්වේ.
2016 අගෝස්තු 01 ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කළ ‘‘ශ‍්‍රී ලංකා ඉන්ජිනේරු සභාව පිහිටුවීමේ පනත’’ තුළ අරමුණු ලෙස දක්වා ඇත්තේ ඉන්ජිනේරු වෘත්තිය සඳහා ශ‍්‍රී ලංකා ඉන්ජිනේරු සභාව නමින් ආයතනයක් පිහිටුවීම.
ඉන්ජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තිමය තත්වය පවත්වාගනයාම සහ මෙහෙයවීම.
ඉන්ජිනේරු වෘත්තිකයන් ලියාපදිංචිය
ආචාරධාර්මික නොවන අයුරින් කටයුතු කරන වෘත්තිකයන්ගේ ලියාපදිංචිය අහෝසි කිරීම.
ලෙසයි දක්වා ඇත්තේ.
දැනට මේ අයුරින් ක‍්‍රියාත්මකවෙන්නේ ‘‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභා පනත’’ මේක 1927 ස්ථාපිත කළේ. මීට තියෙන බලතල නම්, ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රමිතීන් තීරණය කිරීම. කවර විශ්වවිද්‍යලවල උපාධි ලබන වෛවරුද ලංකාවේ වෛiවරු ලෙස කටයුතු කිරීමට සුදුසු යන්න තීරණය කිරීම. සුදුසු නැති අය ගැන තීරණ ගැනීම. පොදුවේ වෛද්‍ය පීඨ වල පාඨමාලාවල ප‍්‍රමිති තීරණය කිරීම
මාලඹේ සයිටම් පිළිගන්න බෑ කියලා වෛද්‍ය සභාව කියන්නේ මේ පැවරී තිබෙනබල තල යටතේ.
දැන් ඉන්ජිනේරුවන් සම්බනදයෙන් ගෙනත් තිබෙන මේ පනතේ කොහෙවත් ඉන්ජිනේරු අධ්‍යාපනය සම්බන්ධ සඳහන් කරලා නෑ. පළවෙනි කාරණය තමයි මෙවැනි පනතක් සම්බන්ධයෙන් ඉනිජිනේරුවන්ගේ පැත්තෙන් ඉල්ලීම තිබ්බේ එම වෘත්තියේ ගුණාත්මකභාවය පිළිබඳ මැදිහත්වීමක් අවශ්‍යයයි කියන එක. ඒකට හේතු වුනේ හංදියක් හංදියක් ගානේ ඉන්ජිනේරු උපාධිය ලබා දෙන කඩ පිහිටුවීම. නමුත් පනතේ එහෙම එකක් නෑ. ඒ අය ඉල්ලූවේ වෛද්‍ය සභාව පන්නයේ සභාවක්. ඒ නිසා ඉන්ජිරුවන්ගේ මේ පිළිබඳ ඉල්ලීමේ පදනමෙන්ම වෙනස්.
ප‍්‍රශ්නෙ තියෙන්නේ ඒක කරද්දීත් මේ පනතේ තිබෙන බරපතල ගැටලූ.
උදාහණයක් විධියට වෛද්‍ය සභා පනත ගත්තොත් එහි නියෝජිතයන් පත් කිරීමේදී තියෙන්නේ.
ලංකාවේ වෛද්‍ය පීඨ 8 පීඨාධිපතිවරු 8දෙනා හෝ නියෝජිතයෝ 8 දෙනා.
දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක්.
ලංකාවේ වෛද්‍යවරුන්ගේ ඡුන්දයෙන් තොරනවා නියෝජිතයෝ 08 දෙනෙක්.
පරිපූරක වෛද්‍යවරුන්ගෙන් ඡුන්දයෙන් නියෝජිතයෝ එක්කෙනයි.
දන්ත වෛද්‍යවරුන්ගේ ඡුන්දයෙන් නියෝජිතයෝ එක්කෙනයි.
නිල බලයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා.
මීට අමරව 4 දෙනෙක් පත්කිරීමේ බලය තියෙනවා සෞඛ්‍ය ඇමතිවරයාට.
වෛද්‍ය සභාවේ සභාපති පත්කිරීමේ බලය වෛද්‍ය සභාව විසින් නිර්දේශ කොට ජනාධිපතිවරයා හා සෞඛ්‍ය ඇමැති මැදිහත්වී පත්කරනවා.
නමුත් සෞඛ්‍ය ඇමතිවරයා පත්කිරීම සිදු කළාට වෛද්‍ය සභාවේ සභාපතිවරයා නිල කාලය අවසන් වන තුරු ඉවත්කිරීමේ බලය සෞඛ්‍ය ඇමතිට නෑ. දැනට මෙහි සභපතිවරයා විධියට ඉන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. ඉහත නීතිය අනුවයි ඔහු ඉවත් කරන්න රාජිත සේනාරත්නට බැරි වෙලා තියෙන්නේ. මේ නිසයි එස් බී දිසානායක පහුගිය දවසක කිව්වේ වෛද්‍ය සභාව පැත්තක දාල ඇමති මැදිහත්වෙලා සයිටම් නීතිගත කරන්න කියලා. එස් බී ගේ කාලේ වෙනම පනතක් දාලා වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිය අහෝසි කරන්න පනතක් ගෙනාව. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යල නීතිගත කරන්න. පස්සේ විරෝධතා නිසා ඒක ඉවත්කරගන්න වුණා.
මේ නිසා දැනට තිබෙන වෛද්‍ය සභාව කියන්නේ සාපේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනයක්.
නමුත් දැන් ඉන්ජිනේරු සභාව පිහිටුවන්නේ එහෙම පදනමක ඉඳලා නෙවෙයි. මෙහි පදනම වෙලා තියෙන්නේ එස් බී දිසානායක කියපු පදනම.
ඉන්ජිනේරු සභාවට නියෝජිතයෝ පත්කරන්න යෝජනා වෙලා තියෙන්නේ මෙහෙමයි.
මුළු නියෝජිතයෝ ගණන 17යි නිල බලයෙන් 4යි.
ලංකාවේ ඉන්ජිනේරු පීඨ තුනේ පීඨාදිපතිවරු හෝ ඔවුන්ගේ නියෝජිතයෝ තුන්දෙනයි. 1990 අංක 20 දරන තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභා පනත අනුව පිහිටවූ අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂජනරාල් වරයයි.
ඉහත නිල බලයෙන් පත්වන අය හැරුණුකෝ ඉතිරි 13ම පත්කිරීමේ බලය දීලා තියෙන්නේ අගමැතිට.
අඩුම තරමින් විෂය භාර ඇමතිරවයා කියලවත් නෙවෙයි මේ පනතේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙම පත්කිරීම් කරන්නේ ජනාධිපති. දැන් ජනාධිපතියි අගමැතියි අතර බල ගැටුමක් තිබුණා කියලා බලය අල්ලන්න නීති හදන්න බෑනේ. එහෙම රටවල් වල නීති හදන්න බෑ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙත් මේක තියෙනවා. ඒකේ තියෙනවා ජනාධිපතිට දෙන ඇමතිකම් ගැනත් ව්‍යවස්ථාවට දාලා. මේවා පිස්සු වැඩ.
ඉහත 13 අගමැතිවරයා පත්කරන්නේ මෙහෙමයි.
ශ‍්‍රී ලංකා වරලත් ඉන්ජිනේරුවරු 7යි. ඒක පත්කරන්නේ අගමැති. ඇයි මේක අයි ඊ එස් එල් එකට දෙන්න බැරි?
ශ‍්‍රී ලංකා සංස්ථාගත ඉන්ජිනේරුවරු 4යි. ඒක තීරණය කරන්නේත් අගමැති.
ශ‍්‍රී ලංකා ඉන්ජිනේරු සේවාවේ වරලත් ඉන්ජිනේරුවෝ 2යි. ඒ අය තීරණය කරන්නේත් අගමැති.
මේ සියලූ දෙනා පත් කරන්නේ අගමැති. ඒ වගේම මේ පනතේ 4.1 අනුව මෙම සභාවේ සභාපති පත්කරනනේත් අගමැති. 4.4 තියෙනවා අගමැතිට අවශ්‍ය විටෙක හේතු දක්වා සභාපති ධූරයෙන් ඉවත් කළ හැකියි කියලා.
ඒ වගේම මේ පනතේ 8.2 අනුව අගමැති පත්කරන සියලූ දෙනාම. ඒ කියන්නේ සාමාජිකයෝ 13 ම අස් කරන්න අගමැතිට පුළුවන්.
මේකෙන් මොකද වෙන්නේ. ආණ්ඩුව කියන පදේට නටන්නැත්නම්. මෙතනිනි එහාට ඉන්ජිනේරු සේවාව සම්බන්ධ තීරණාත්මක තීන්දු ගන්න වෙලාවට ඒ අයට ඉවත් වෙන්න සිදුවෙනාවා. තීරණයක් ගන්න වෙලාවක ඉන්ජිනේරු සභාවේ බහුතරය වෙනස් කරන්න අගමැතිට පුළුවන්.
දැන් මේ පනතෙන් සභාපතිට අමතර ඡුන්දයක් දීල තියෙනවා. ඉතින් සභාපති පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලට අගමැති සතුයි නම් ඒ ඡුන්දෙදි මොකද වෙන්නේ කියලා කියන්න ඕන නෑ. ඒක නිෂ්චිතවම අගමැතිගේ උවමණාව අනුවයි පාවිච්චි වෙන්නේ. අපි අහන්නේ ලංකාවේ ඉන්ජිනේරු වෘතිතිය ගැන අගමැතිද දන්නේ?
බි‍්‍රතාන්‍ය පාලනය යටතේයි වෛi සභාව හැදුවේ. මහ ලොකුට ප‍්‍රජාතන්ත‍්‍රවදය කියල බලයට ආපු ආණ්ඩුවට ඒකාලේ තිබුණු තරමේ දෙයක්වත් දෙන්න බැරිවෙලා.
20.1 අනුව ඉන්ජිනේරුවන් පිළිබඳ තීරණ ගන්න අභියාචනා මණ්ඩලයක් යෝජනා කරනවා. මේකේ 5ම පත්කරන්නේ අගමැති වරයා.
සභාවේ ප‍්‍රධාන විධායක තෝරද්දීත් 21.1 අනුව ඒකත් අගමැති විමසිය යුතුයි.
ලෝකේ මේ විධිය සභා තියෙන්නේ ආණ්ඩුවේ හෙංචයියෝ දාගන්න නෙවයි.
දැන් අපි අහනවා. පහුගිය මැතිවරණ කාල වලදී අපි ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය මොකක්ද ඇහුවා. අපි කිව්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි ආර්ථික ප‍්‍රතිපත්තිය එක්කයි තියෙන්නේ කියලා. ඒ වෙලාවේ කිව්වා රනිල් ගේ අරමුණ හැමදේම ස්වාධීන කිරීම කියලා. දැන් මේකේ තියෙන ස්වාධීනතාව මොකක්ද?
පාසල් අධ්‍යාපනය වගේ දෙයක් පෞද්ගලීකරණය කරන්න උත්සහ ගත්තොත් ඒවට මැදිහත්වෙන්න ආයතන නෑ. නමුත් අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයට අදාළව සාපේක්ෂව මැදිහත්වෙන්න පුළුවන් ආයතන තියෙනවා ඒවට මැදිහත්වෙන්න. වෛi සභාව වගේ. ඉන්ජිනේරුවන්ට අදාළව ඉල්ලීම වුනේ ඕනෑම පෙට්ටි කඬේක ඉන්ජිනේරු උපාධි දෙන එක නවත්වන්න වෛi සභාව වගේ රජය මැදිහත්වන ආයතනයක්. දැන් මේ මොකද වෙලා තියෙන්නේ.
මේ විධිය පනත් දිගින් දිගටම සම්මත වෙනවා. පුද්ගලයන් ලියාපංදිංචි කිරීමේ සංශෝධන පනත, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත නමින් ගෙන ආ තොරතුරු වසන් කිරීමේ පනත. ලංකාවේ රෝගීන් ඖෂධ ජාවරම්කාරයිට විකුණන ඖෂධ නියාමන අධිකාරී පනත මේ විධිය පාර්ලිමේන්තුවේ හැමෝම එකතුවෙලා සම්මත කළා. ඊට විරුද්ධ වුනේ අපි විතරයි. විරුද්ධව තිබුණේ අපේ පක්ෂේ අජිත් කුමාර සහෝදරයාගේ ඡුන්දය විතරයි. සති දෙකෙන් බෙහෙත් මිල අඩු වෙනවා කිව්වා. මොකද දැන් වෙලා තියෙන්නේ. කව්රුත් දන්නවා ඖෂධ ජාවරමට විරුධ වූ සභාපතිවරයාට උප සභාපතිට විධායකට රාජිත මොකක්ද කළේ කියලා.
දැන් මේකත් ඒ විධියමයි.
ඒ නිසා අපි ඉංජිනේරු වෘත්තිකයන්ගෙන් ඉල්ලනවා. ඉන්ජිනේරු සේවය ලබා ගන්නන්ගෙන් ඉල්ලනවා. මේ පනතට විරුද්ධ වෙන්න කියාල. පාර්ලිමේන්තුට ගෙන ඒමට පෙරම මීට විරුද්ධ විය යුතුයි.
අපි බලාගෙන ඉන්නවා හැම පනතටම අත උස්සන විපක්ෂ නායක, විපක්ෂ සංවිධායක හා ඒකාබද්ධ විපක්ෂය මොකක්ද කරනනේ කියලා. පහුගිය රාජපක්ෂ පාලන කාලේ මේක කෙටුම්පත් කළේ. එතකොට තිබුණ එකම වෙනස තමයි මේකේ අගමැති කියන තැනට ජනාධිපති කියලා දාලා තිබුනේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ මේ ගැන විරෝධයක් එන තුරු බලා නොසිට මීට විරුද්ධව පෙළගැහෙන්න කියලා සියලූ දෙනාගෙන්ම අපි ඉල්ලනවා.“
මේ අවස්ථාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික චන්ද්‍රසිරි ලන්දගේද සහභාගී විය.
Related News