ඊයේ (21) අවසන් වූ ශ‍්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා පළමු එක්දින තරගයේ ජයග‍්‍රහණය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමි විය. කාසියේ වාසිය දිනූ ඕස්ටේ‍්‍රලියානු නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. නියමිත පන්දුවාර 50 අවසානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 227ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 80ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 46, පන්දු 5ක් අවසානයේ කඩුළු 7ක් දැවී තිබියදී ජයග‍්‍රහණය වාර්තා කළේය.