අනුන්ගේ රහස් ගැන කියන්න ගොස් තමන්ගේ රහස් හෙළිකිරීම

maithripala-Mahinda

නව පක්ෂයක් බිහි කළ දාට රහස් එළදරව් කිරීමක් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප‍්‍රකාශයක් නිකුත් කළේය.මේ කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බිහිකරන්නට සූදානම් බව කියන පක්ෂය සම්බන්ධයෙන් බව පැහැදිලිය.

හිටපු ජනාධිපතිවරයාද සිය ධුර කාලය අවසානයේ තමන්ගේම ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ රහස් අඩංගු ලිපිගොනු තමා සතුව ඇති බවට ප්‍රකාශයක් සිදුකර තිබිණි. වත්මන් ජනාධිපති කියන රහස් රාජපක්‍ෂ කියු රහස් තවම ජනතාවට හෙලිකර නැත.

එහෙත් මේ කතා නිසා රහස් හෙලි විය. එනම් වත්මන් ජනාධිපති මෛත්‍රිත් හිටපු ජනාධිපතිගේ අඩිපාරේම යන බවය. ඔහු ඒ බව සනාත කරමින් පසුගිය දා තිරුපති වන්දනාවේ ගියේය.

මහින්ද පිලේ පිරිසක් හමුවී හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පැවැත්වූ සාකච්ඡාවකදී “පක්ෂ හැදෙන එක කාටවත් නවත්වන්න පුළුවන් කමක් නැහැ” යැයි කියැවුණු බව ාර්තා වේ.

ඒ සමගම තමන් නොකියා සිටි දෙයක් ගිලිහී ගිය බව දැනගත් හිටපු ජනාධිපතිවරයා ” මේ මම එහෙම පක්ෂ හදනවා කියලා නෙවෙයි” කියමින් කළින් කියැවුනු දේ වසා දමන්නට උත්සාහ කර ඇත.

එසේම තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය හවුලකින් ඒකාබද්ධ ආණ්ඩුවක් ලෙස කටයුතු කරනවුන් එම පක්ෂ විසුරුවා හැර තමන්ගේම වූ පක්ෂයක් බිහි කළ යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා තිබේ. පසුගියදා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරී සංගමයේ 19 වන නියෝජිත සම්මේලනය අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

එමෙන්ම පසුගිය මහමැතිවරණයෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තමන්ට කී කරුණක් ද මහින්ද මෙහිදී අනාවරණ කළේය. මහමැතිවරනයේදී තම පාර්ශ්වය ආසන 95 ක් ලබාගත් පසු, “මම හිතුවෙ ඔයා ආසන 117 ක් ගනී කියලා. ඒ නිසා තමයි මම ඔයාගෙ කට්ටිය අස් කළේ කියලා. අස්කරපු හින්දා තමයි ඔයාලට 95 ලැබුණෙ“ යනුවෙන් ජනාධිපති මෛත්‍රී තමන්ට දුරකථනයෙන් කිව් බව මහින්ද විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරණ ලදී.