මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ නගරය වන සෞදි අරාබියේ මක්කම හජ්ජ වන්දනාවේ ගිය විවිධ රටවලට අයත් මුස්ලිම් බැතිමතුන් 800කට ආසන්න ප‍්‍රමාණයක් තෙරපීමෙන් මරණයට පත්ව ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.
සෑම වසරකම මෙසේ හජ්ජි උත්සවයට සහභාගීවන ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් අධීක පිපාසය හා මිලියන ගණනාවක ජනතාවකගේ තෙරපීම හේතුවෙන් මියයති.
තම ජීවිතයේ වටිනාම අවස්ථාව ලෙස ඉස්ලාම් බැතිමතුන් වසරකට පසු එළැඹෙන මෙම හජ්ජි ආගමික උත්සවය සලකණු ලබයි. එබැවින් සෑම රටකම ඉස්ලාම් බැතිමතුන් තම ජීවිතයේ එක් අවස්ථාවක් හෝ අවම වශයෙන් මක්කම වන්දනා කිරීමට කෙසේ හෝ අවස්ථාව උදාකර ගැනීමට උත්සුක වෙති.
කෙසේ නමුත් සෑම වසරකම ලොවපුරා ඉස්ලාම් බැතිමතුන්ට සෞදි රජය විසින් එක් එක් රට සදහා වාර්ෂීකව පැවැත්වෙන මෙම හජ්ජි ආගමික උත්සවයට සහභාගීවීමට යම් කෝටා එකක් ලබා දෙයි.
එසේ වුවත් තම දැඩි ආගමික නැඹුරුව හේතුවෙන් අපේක්ෂා නොකරන පිරිසක් සෑම වසරකම පැමිණීම හේතුවෙන් මෙසේ තෙරපීමට ලක්ව මියයන පිරිසද දිනෙන් දින ඉහළ යන තත්වයක්ද දක්නට තිබේ.