බේරුවල පොලිසිය ධීවරයාට කුඩු නඩුවකුත් දාලා

බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධීවරයකු මත්කුඩු මිලි ග්‍රෑම් 40ක් ළඟ තබාගත්තැයි පොලිසිය ඉදිරිපත් කළ චෝදනා පිළිගත නොහැකි බව කළුතර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිසිංහ තීරණය කර තිබේ.

මහේස්ත්‍රාත්වරයා මේ බව සදහන් කර ඇත්තේ ධීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරවිට ඉදිරිපත් කළ කරුනු සලකා බැලීමෙන් පසුවය. තමා සමග පෙර දිනයේ පොලිසියට ගිය සැකකරු ළඟ මත්කුඩු තිබූ බවට කර ඇති චෝදනා නීතිඥවරයා ප්‍රතික්ෂේප කළේය. ඔහු අදිකරණයට ප්‍රකාශ කළේ පසුගිය 25 වැනිදා සැකකරුගේ නිවස ඉදිරිපිට තිබූ අයිතිකරුවකු නොමැති බයිසිකලයක් සම්බන්ධයෙන් සැකකරු තමා සමග පොලිසියට ගිය බවය.

ජනවාරි 01 වැනිදා බේරුවල පොලිසියට ගිය ගයාන් සම්පත් නම් ධීවරයා මත්කුඩු මිලි ග්‍රෑම් 40ක් ළඟ තබාගත්තැයි පොලිසිය විසින් චෝදනා කරමින් පවරා ඇති නඩුව මාර්තු 20 වැනිදාට කල් තැබු අතර  සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හළේය.

Leave a Reply