ජාත්‍යන්තර කීර්තියක් දිනූ විනිසුරු සී.ජී විරමන්ත්‍රී අභාවප්‍රාප්ත වෙයි!

ජාත්‍යන්තර අධිකරණවල විනිසුරුවරයකු හා නීති ක්ෂේත්‍රෙය් කීර්තිමත් විද්වතකු වූ සී.ජී විරමන්ත්‍රී ඊයේ (5) සවස අභාවප්‍රාප්ත විය.

පත්වූ ඔහු මෙරට සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසකින් නීති ක්ෂේත්‍රෙය් වැඩුදර අධ්‍යාපනය ලද  ඔහු 1948 වසරේදී නීතිඥවරයෙකු ලෙස කටයුතු ආරම්භ කලේය. ඉන්පසු ඔහු 1967 වසරේ සිට 1972 වසර දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කලේය. සී.ජී වීරමන්ත්‍රී අන්තර් ජාතික යුක්ති අධිකරණයේ විනිසුරුවරයෙකු සහ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ලාංකිකයකතු ලෙසද ප්‍රකටය. ඔහු වඩාත් ඇගයීමට ලක්ව ඇත්තේ අන්තර් ජාතික වශයෙන් විනිසුරුවරයෙකු ලෙස ඔහු ලබා දුන් තීන්දු හරහාය. නීතියේ වර්ධනය වෙනුවෙන් කෘති රැසක් සම්පාදනය කළ විනිසුරු විරමන්ත්‍රී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු ද විය.

Leave a Reply